Sri Lanka state postal services lose Rs2.4bn in 2009අප්‍රේල්,18,(විමසුම) – ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී රුපියල් බිලියන 2.4 ක අලාභයක් ලැබූ බවත් එය 2008 වසරේදී ලැබූ රුපියල් බිලියන 2.1 අලාභය ඉක්මවා යාමක් බවත් හෙළිවේ.
පසුගිය වසරේදී තැපැල් දෙ‍පාර්තමේන්තුවේ ආදායම සුළු වශයෙන් වැඩිවෙද්දී මෙහෙයුම් පිරිවැය සියයට 5.6 කින් වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා දත්ත පෙන්වා දේ.

‍තැපැල් දෙපාර්තමේන්තුව සතුව තැපැල් කාර්යාල 4,738 ක් තිබෙන අතර මෙයට ප්‍රධාන තැපැල් කාර්යාල 643 ක් හා උප තැපැල් කාර්යාල 3,411 ක්, නියෝජිත තැපැල් කාර්යාල 463 ක් හා ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 156 ක් වතු තැපැල් කාර්යාල 156 ක් අයත්‍ වේ.

මේ වනවිටත්, ලිපි යැවීම සඳහා ප්‍රමුඛව කටයුතු කරන තැපැල් දෙපාර්තමේන්තුව වෙනත් සේවාවන් ලබාදීම සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කර තිබේ.

source :- http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1068143508

Advertisements