Sri Lanka economy seen growing 6.5-pct in 2010: central bank(විමසුම) – යුද්ධයෙන් හා ලෝක ආර්ථික අර්බුදයෙන් සිදුවූ අයහපත් බලපෑම් පහව යෑම නිසා මේ වසරේදී මෙරට ආර්ථික වර්ධනය 6.5% ක් පමණ වනු ඇතිබවට මහ බැංකුව පුරෝකතනය කරයි.
2009 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව මේ වසරේ මැදිකාලීනව මෙරට ආර්ථික වර්ධනය සියයට 7-8 ත් අතර අගයක් ගනු ඇති අතර මේ වනවිට මෙරට පවතින සාමකාමී වාතාවරණයත්, අඩු උද්ධමන අනුපාතයත් ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම් පහව යාමත් මේ තත්ත්වයට හේතුවනු ඇත.

මහ බැංකු වාර්තාවට අනුව ලබන වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 7.5 ක් ලෙස පුරෝකතනය කර ඇති අතර එය 2012 වසරේදී සියයට 8 ක් වනු ඇතිබව සඳහන්ය.

පසුගිය වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.5 ක් වූ අතර එය 2008 වසරේදී සියයට 06 ක මට්ටමක පැවතුණි.

මහ බැංකු වාර්තාව දක්වා තිබෙන්නේ මේ වසරේ මැදිකාලීනව මෙරට ආර්ථික වර්ධනය සියයට 7-8 ත් මට්ටමකට වර්ධනය වීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 ක ප්‍රමාණයක් අයෝජන ලෙස යෙදිවිය යුතුබවත් මින් වැඩිම ප්‍රමාණය දේශීය ඉතුරුම් වලින් ලැබෙනු ඇති බවයි.

Source:- http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=548323944

Advertisements